HomeNewsහොර ඔපුප්වලින් විකුණන්න ගිය කොල්ලුපිටියේ ඉඩම ගැන විමර්ශන CIDයට

හොර ඔපුප්වලින් විකුණන්න ගිය කොල්ලුපිටියේ ඉඩම ගැන විමර්ශන CIDයට

කොල්ලුපිටියේ පිහිටි මිලියන 704 වටිනා ඉඩමක් ව්‍යාජ ඔප්පු සදා අලෙවි කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (8) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම ඉඩම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එම අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඉඩමට අදාල ඔප්පු ඇතුලු ලේඛන නුගේගොඩ සහ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් පවසා සිටියේ පර්චර් 72 ක් වටිනා ඉඩමක් මෙලෙස ව්‍යාජ ඔප්පු සාදා විකිණිමට තැත් කර ඇති බවයි. FB

එම ඉඩමට අදාලව නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යොමු කර තිබු ලේඛන ගලවා කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාජ ලේඛන ගොනු කර තිබු බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වර්තා කරන ලෙස නියෝග කළා.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නුගේගොඩ සහ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට අදාල ලිපි ලේඛන විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසද නියෝග කළා.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01