HomeTickerසජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේ

සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ කුලියාකාන් නගරයේදී ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සෙසාර් ගාස්ටෙලුම් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඔහු ක්ෂණික කෑම හලක් ඉදිරිපිට සිට ටික්ටොක් (TikTok) ඔස්සේ සජීවී විකාශයක් සිදු කරමින් සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. ටික්ටොක් හි අනුගාමිකයින් ලක්ෂ 6කට වඩා ඔහුට සිටිනවා.

හිස්වැසුම් පැළඳ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සජීවි විකාශයක් අතරතුරදී TikTok තරුවක් වෙඩි තබා ඝාතනය කෙරේපසුගිය කාලයේ ඔහු විසින් ප්‍රබල අපරාධ කල්ලියක අභ්‍යන්තර තොරතුරු සමාජ මාධ්‍යයට මුදාහැරීම මීට හේතු වන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරනවා. මේ වනවිට ආරක්ෂක අංශ CCTV දර්ශන පරීක්ෂා කරමින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.

සිනලෝවා කාර්ටෙල් (Sinaloa Cartel) නැමති පාතාල කල්ලියේ කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුම් නිසා මේ දිනවල එම ප්‍රදේශයේ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ද නිර්මාණය වී ඇති බව සඳහන්.

මීට පෙර 2025 මැයි මාසයේදී ද වැලේරියා මාර්කේස් නම් ටික්ටොක් තාරකාව සජීවී විකාශයක් අතරතුර මෙලෙසම ඝාතනය කර තිබුණා.

මෙම නවතම ඝාතනයත් සමඟ මෙක්සිකෝවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව නැවතත් දැඩි කතාබහක් මතුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01