36 වන ජාතික යෞවන ක්රීඩා උළෙලට සමගාමීව පවත්වන ලද අනුරාධපුර දිස්ත්රික් යෞවන ක්රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනිමට තලාව ක්රීඩක ක්රීඩිකාවන් සමත් විය.
එම ජයග්රාහී ක්රීඩක ක්රීඩිකාවන් ඇගයීම අරමුණුකොට ඔවුනට නායකත්ව කළමණාකණය පිළිබඳ ප්රායෝගික දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා එප්පාවල දී සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා ප්රාදේශීය දේශපාලන නියෝජිතයින්, පළාත් ක්රීඩා අධ්යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක මහතා ඇතුලු රාජ්ය නිළධාරීන් රැසක් එක්විය.




