Google Drive ඩෙස්ක්ටොප් මෘදුකාංගය හරහා පරිගණකයේ ඇති ඡායාරූප සහ වීඩියෝ ස්වයංක්‍රීයව Google Photos වෙත Backup වීමේ පහසුකම අගෝස්තු 10 වනදා සිට ක්‍රියාත්මක නොවන බව Google සමාගම පවසා තිබෙනවා.
Backup මෙවලම් භාවිතය සරල කිරීම සහ ඡායාරූප කළමනාකරණය සෘජුවම Photos ඇප් එක හරහාම සිදුකිරීමට ඉඩ සැලසීම මීට හේතු වී තිබෙනවා.
අගෝස්තු 10ට පෙර Backup කළ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් නොවන අතර ඒවා Photos තුළ සුරක්ෂිතව පවතින බව සමාගම පවසනවා.
Drive හරහා සාමාන්‍ය ගොනු (Files) Sync කිරීම පෙර පරිදිම සිදුකළ හැකි බව පවසනවා.
ජංගම දුරකථන හරහා Google Photos ඇප් එක භාවිත කරන පරිශීලකයන්ට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බව වැඩිදුරටත් පවසනවා.
ඉදිරියටත් පරිගණකයෙන් ඡායාරූප Backup කිරීම සඳහා, Google Photos වෙබ් අඩවියට පිවිස එහි ඇති “+” ලකුණ ක්ලික් කර “Back up folders” තෝරාගැනීමෙන් හෝ Drive හි දැනටමත් ඇති ඡායාරූප සෘජුවම Import කරගැනීමෙන් සිදුකළ හැකි බවද Google සමාගම පෙන්වා දී තිබෙනවා.



