තායිලන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය ප්රකාශ කර තිබෙනවා.
බැංකොක්හි ඩෙබ්සිරින් නොන්තබුරි පාසලේදී මෙම ප්රහාරය සිදුව ඇති බවයි ජාතික පොලිස් ප්රකාශක ට්රයිරොන්ග් ෆිව්ෆාන් සඳහන් කර ඇත්තේ.
එම පාසලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක් වන ශිෂ්යයෙකු විසින් මෙම ප්රහාරය එල්ල කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසුව එම සැකකාර සිසුවාද වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පාසලට පැමිණීමට පෙර ඔහු සිය සීයා සහ ආච්චි ද නිවසේදී වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරු ඇතුලුව පුද්ගලයන් 8 ක් මිය ගොස් තිබෙනවා.
තුවක්කුකරු සිය සීයාගේ ගිනි අවියෙන් උණ්ඩ 26ක් පමණ නිකුත් කර ඇති අතර, ඔහු ළඟ තිබී අමතර පතොරම් 34ක් ද සොයාගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් සිය ශෝකය පළ කර ඇති අතර, විපතට පත්වූවන්ට අවශ්ය සියලු පහසුකම් සලසන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
තායිලන්තයේ ගිනි අවි මිලියන 10.3ක් පමණ ඇති අතර ඉන් 40%ක්ම ලියාපදිංචි නොකළ ඒවා බවයි සඳහන් වන්නේ. මෑත කාලයේ එරටින් වාර්තා වූ මෙවැනි වෙඩි තැබීම් හමුවේ තුවක්කු පාලන නීති පිළිබඳව නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.



