HomeNewsචීවරයට යුක්තිය භික්ෂු පාගමන වරකපොල පසුකරමින් නිට්ටඹුවට ළඟාවෙයි

චීවරයට යුක්තිය භික්ෂු පාගමන වරකපොල පසුකරමින් නිට්ටඹුවට ළඟාවෙයි

චීවරයට යුක්තියත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහසත් යන තේමාව මුල් කරගනිමින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාව ඊයේ(13) පස්වරුවේ නිට්ටඹුව නගරයට ළඟා වූවා.

පාද යාත්‍රාව ඊයේ පෙරවරුවේ ආරම්භ කෙරුණේ වරකාපොළ නගරයෙන්.

පසුගිය 10 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආරම්භ වූ  මෙම නිදහසේ පා ගමනේ අද එහි සිව්වැනි දිනයයි.

ඊයේ (13) දා උදෑසන මහා සංඝරත්නය හීල් දානය වළදා වරකාපොළ පිළාඩුව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව ආරම්භ වූ පා ගමන සඳහා බලංගොඩ කස්සප ,උලපනේ සුමංගල , මඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා 50 නමකට ආසන්න පිරිසක් හා ගිහියන් විශාල පිරිසක්ද එක්ව සිටියහ.

සබරගමු පළාත හා බස්නාහිර පළාත වෙන් කෙරෙන හැළගල දංඕවිට ප්‍රදේශයේ  දන්සැලක්ද පවත්ව ආගන්තුක සත්කාර සිදුකරමින් එම ස්ථානයෙන්ද පිරිසක්  මෙම පාද යාත්‍රාව සඳහා එක්වන ආකාරයද දක්නට ලැබුණි.

මාර්ගයේ ගමන් කරන ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසගේ ගමන් පහසුව වෙනුවෙන් විව්ධ ස්ථාන වල මාර්ගයේ දෙපස සිටින ජනතාව භාජනවලට වතුර පුරවමින් හා බවුසරයක් ආධාරයෙන් මාර්ගය තෙත් කරන ආකාරයද දක්නට ලැබුණි.

ඊට අමතරව ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් පිපාසය සංසිඳුවීම සඳහා ස්ථාන කිහිපයක දන්සැල් හා පානීය ජල බෝතල් ලබා දෙමින් සහයෝගය දැක් වූ අතර ස්වාමීන් වහන්සේලා වෙත දහවල් දානය පිළිගැන්වීම වේවැල්දෙනිය ජය සුමනාරාම විහරස්‍ථානයේදී සිදු කෙරිණ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01