HomeNewsඅග්බෝ ගැන තවම හරි තොරතුරක් නැහැ

අග්බෝ ගැන තවම හරි තොරතුරක් නැහැ

අග්බෝ හස්තියා යළිත් වරක් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසා සිටියේ මෙතෙක් එවැනි නිල තොරතුරක් වාර්තා නොවූ බවයි.

අවසන්වරට අග්බෝ පසුගිය සිකුරාදා (16) තිරප්පනේ ප්‍රදේශයේ සැරිසැරූ බවට වනජීවී නිලධාරීන් දැක ඇති අතර, ඒ අවස්ථාවේදී හස්තියා එවැනි වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි බවට නිරීක්ෂණය නොවූ බවද පැවසීය.

කෙසේ නමුත් පළවන පුවත සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී නිලධාරී කණ්ඩායමක් යෙොදවා ඇති බවද හෙතෙම සඳහන් කළේය.

බඳින තුවක්කුවකට හසු වීමෙන් මෙම හස්තියා කලක සිට ඉදිරිපස වම් පාදයේ තුවාලයකින් පීඩා විඳිමින් සිටි අතර, මාස 7ක් පුරා දිගින් දිගටම සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර හමුවෙි යම් සුවයක් ලැබීය.

විශාල ප්‍රමාණයේ දිගු දළ යුගලක් සහිත අග්බෝ අඩි 10ක් පමණ උසැති හස්තියෙකි.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01