පෙර වැරදි 11කට දඩුවමි ලැබ සිටි පුද්ගලයකු 12වන වරටත් වසා තිබු නිවසකට නීති විරෝධි ලෙස ඇතුල්වි රුපියල් හැත්තෑ දහසක මුදලක් හා ජංගම දුරකතනයක් සොරකමි කිරීම පිලිබද දෙයියන්දර අධිකරණයේ පැවැති නඩු විභාගයකින් වරදකරු වු අයකුට දෙයියන්දර දිසා විනිසුරු මහෙස්තුාත් යු බි එස් වික්රමරත්න විසින් වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කලේය.
මෙම දඩුවමට අමතරව රුපියල් එක්දහස් පන්සියක දඩයක් ද නියම කළ අතර එය නොගෙවන්නේනමි මාස හයක ලිහිල් වැඩ ඇති සිරදඬුවමක්ද නියම කලේය.
මෙලෙස දඩුවමි නියම වුයේ දේවාලෙගම ප්රියන්ත නොහොත් ඇචිචා යන අයටය.
පැමිනිල්ල වෙනුවෙන් දෙයියන්දර පොලිස් ස්ථානාධිපති සුරංග ජයතුංග මහතාගේ උපදෙස් මත කොස්තාපල් 99362 ජයසිංහ කාන්තා පොලිස් කොස්තාපල් 10307 චලනි 8655 දිල්රුක්ෂි යන නිලධාරිහු පෙනී සිටියහ .



