HomeNewsකරන්නාගොඩට හා යෝෂිතට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සදහා කැදවන්නැයි නියෝග

කරන්නාගොඩට හා යෝෂිතට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සදහා කැදවන්නැයි නියෝග

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබෙන දූෂණ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න අද (17) නියෝග කලා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකාර වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිට තිබේ. ඉදිරිපත් වූ කරුණු හා ලේඛන සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කරා.

අවශ්‍ය නිසි සුදුසුකම් සපුරා නොතිබියදී, යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍යයේ පිහිටි ප්‍රකට රාජකීය නාවික හමුදා විද්‍යාලයේ’ (Britannia Royal Naval College) විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා යැවීමට කටයුතු කිරීම තුළින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුකර දූෂණය නමැති වරද සිදුකර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.

එහිදී එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ බලතල අභිබවා කටයුතු කළ බවටත්, එමඟින් යෝෂිත රාජපක්ෂ අයුතු ලාභයක් ලබාගත් බවටත් අල්ලස් කොමිසම අධිචෝදනා ගොනුකර ඇත.

අල්ලස පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට ඉකුත් අගොස්තු ( 20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදුවිය.

එහිදී විත්තිකරුවන්ට අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී භාර දෙන ලදී. ඉන් අනතුරුව රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් දෙදෙනා මුදා හරින ලෙස නියම කළ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවට නියම කළේ ය.

මෙහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙම නඩුකරයට අදාළ පැමිණිල්ලේ පිළිගැනීම් ඇතුළත් ලේඛනයක් ද අධිකරණයට භාර දුන්නා ය.

2006 වසරේ සැප්තැම්බර් 01 සිට 2007 වසරේ ජුනි 08 දක්වා කාලය තුළ ආණ්ඩුවට අයුත සහගත ලෙස පාඩු කිරිම සහ 02 චුදිතට අයුතු සගගත ලෙස ලාබයක් අනුග්‍රහයක් සැලසෙන පරිදි 02 චුදිතගේ නම බ්‍රිතාන්‍යයේ නාවික පාඨමාලාවක් සඳහා අවස්ථාව සලසා දිමෙන් 1994 ,අංක 20 දරන පනතින්, 2018 අංක 22 පනතින් සහ අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය වරදක් ශ්‍රී වරදක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පලමු චුදිත ලෙස සහ යෝෂිත රාජපක්ෂ දෙවන චුදිත ලෙස නම් කර විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම අධිචෝදනා 07ක් ගොනු කර තිබිණි. චෝදනා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් 25 දෙනෙකු නම් ඇත.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01