ගනේමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් කිරිඳිවැල ප්රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්රව්ය කිලෝ දෙකකට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
කිරිදිවැල පොලිස් වසමට අයත් දික්කන්ද වත්ත ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි මෙම අයිස් මත්ද්රව්ය තොගය සොයාගෙන ඇත්තේ .අත්අඩංගුවට ගෙන ඇති මෙම මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 225කට ආසන්න බවයි පොලිසිය සඳහන් කරන්නේ .ඒ සමග ඉලෙක්ට්රොනික් තරාදි දෙකක් ජංගම දුරකථන දෙකක් සමග නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මීට දින කිහිපයකට පෙර ගනේමුල්ල ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ගෙන් ප්රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු අනුවයි එම නිවස පරීක්ෂා කර තිබෙන්නේ .
සැකකරු මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු , කිරිඳිවැල ප්රදේශයේ අදාළ නිවාස කුළී පදනම මත ලබාගෙන මෙම මත්ද්රව්ය ජාවාරම කරගෙන ගොස් තිබෙන බව හෙළිව තිබෙනවා .
මිනුවන්ගොඩ ප්රදේශයේම දැනට ඩුබායි රාජ්යයේ සැඟවී සිටින ජාවාරම්කරුවෙකු මගින් මෙම මත්ද්රව්ය ලැබෙන බවට සැකකරු විසින් පවසා තිබේ
මේ පිලිබඳ ඉදිරි විමර්ශන සඳහා සැකකරු හා මත්ද්රව්ය කිරිඳිවැල් පොලිසියට භාරදෙනු ලැබුවා .



