HomeNewsජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කොකේන් සමග කොටුවෙයි

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කොකේන් සමග කොටුවෙයි

කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩයක් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද (17) නියෝග කළාය.

වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක ඊයේ (16) රාත්‍රියේ වැල්ලවත්ත පොලීසිය සිදුකළ හදිසි වැටලීමකදී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.fb

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර විශ්ව කොඩිකාර සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1050ක් සොයාගත් බව වැල්ලවත්ත පොලීසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමින් සහ අදාළ වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් අදාළ දඩ මුදල නියම කරන ලදී.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01