HomeForiegn Newsදකුණු චීන මුහුදේ චීන ඉදිකිරීම්වලට වියට්නාමයෙන් දැඩි විරෝධයක්

දකුණු චීන මුහුදේ චීන ඉදිකිරීම්වලට වියට්නාමයෙන් දැඩි විරෝධයක්

දකුණු චීන මුහුදේ පිහිටි දූපතක චීනය විසින් අලුතින් සිදුකරන ඉදිකිරීම් ඇතුළු සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඉදිකිරීම් කල්තියා අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියක ආරම්භයක් විය හැකි බවටයි ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

1974 වසරේ සිට අදාළ දූපත් සමූහයේ බලය චීනය සතුව පැවතුණද, එම සමස්ත කලාපයටම වියට්නාමය ද හිමිකම් කියන අතර මෑතකදී එහි සිය හමුදා කඳවුරු ව්‍යාප්ත කිරීමට ද පියවර ගෙන තිබුණා.

ඊට අමතරව පිලිපීනය, මැලේසියාව, තායිවානය සහ බෲනායි යන රටවල් ද මෙම මුහුදු සීමාවන් සඳහා හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01