HomeNewsදෙනියාය මැතිව් විදුහලේ දම්සිතුගෙන් උණුවතුර සිසිල් කරන යන්ත්‍රයක්

දෙනියාය මැතිව් විදුහලේ දම්සිතුගෙන් උණුවතුර සිසිල් කරන යන්ත්‍රයක්

දකුණු පළාත් රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරඟය සඳහා දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලයේ හය ශ්‍රේණියේ රනුග දම්සිතු අමරකෝන් සිසුවා ඉදිරිපත් කළ කෙටි කාලයකින් උණු වතුර සිසිල් කිරීමේ උපකරණය එම තරගයෙන් දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත.

සෙල්සියස් අංශක 100 ට රත්වූ ජලය සෙල්සියස් අංශක 40-30 දක්වා මිනිත්තු පහක් තුළ නිවා ගැනීමට මේ උපකරණය මගින් හැකියාව ලැබෙනු ඇත. කෙටි කාලයක් තුළ උණු වතුර නිවා ගැනීමට හැකි වීම මගින් බෙහෙත් දිය කරන්න,ළදරුවන්ට කිරි හදන්න,විද්‍යාගාර වල පරික්ෂණ සදහා උණු ජලය නිවා ගැනීමට කෙටි කාලයකින් හැකියාව ලැබෙන බව එම සිසුවා පැවැසීය.

මෙම යන්‍ත්‍රය නිෂ්පාදන කිරීම සදහා යොදා ගෙන තිබෙන්නේ කිතුල් කොටයක්,හෙල්මටයක වයිසරයක්, නිකල් භාජනයක්,09 වෝල්ට් බැටරි,කුඩා විදුලි පංකා දෙකක් ඇතුළු දව්‍යයන්ය.

මෙම යන්ත්‍රය දැනට සකස් කර ඇත්තේ බැටරි වලින් ක්‍රියා කිරීමට බවත් විදුලියෙන් ක්‍රියා කිරීම සදහා සකස් කිරීමට හැකි බවත් ඒ සදහා තමාට දැනුම ඇති බවත්, මූල්‍ය අනුග්‍රහය සැපයීමට ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් වන්නේ නම් අඩුපාඩු සම්පූර්ණ කර ගෙන මීටත් වඩා ඉහළ ප්‍රමිතියකින් යුතුව මෙය නිෂ්පාදනය කළ හැකි බවත් රනුග දම්සිතු සිසුවා පවසයි.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01