තිරප්පනේ බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් නාච්චදූව වැව් රක්ෂිතයේ රාත්‍රි මුර සංචාරයක නිරත වීමේදී අලුයම 2.30 ට පමණ පුද්ගලයන් තිදෙනෙක් නිරීක්ෂණය වූ අතර ඔවුන් සන්තකයේ ගිණිඅවි තිබෙනු දැක ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
බෝර 16 වර්ගයේ පතරොම් තුවක්කුවක් සහ ජීව උණ්ඩ 06 ක් වනජීවී භාරයට ගත් අතර ඔවුන් වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ෙ
වනජීවී නිලධාරීන් නියං සමයේ සිදුකරන වැටලීම් සංඛ්‍යාව ඉහළ දමා ඇති අතර මධ්‍යම රාත්‍රියේ දී ඇසෙන වෙඩි ශබ්ද පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාච්චාදූව වැව් රක්ෂිතයේ මෙම මුර සංචාරයන් මේ වනවිටත් සිදුකරමින් පවතී.
සැකකරුවන් ඇතුළු නඩු භාණ්ඩ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



