HomeNewsනිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට(27) යෙදී තිබෙනවා.

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

එසේම බුදුන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක සහ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද හිමියන් රහත්භාවයට පත්ව ඇත්තේද අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බවටයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පමණ පසුව ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදුව ඇත්තේද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.

අජාසත් රජුගේ දායකත්වයෙන් සහ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවර සප්තපර්ණි ගුහාව ඉදිරිපිට තොමසක් පුරාවට මහ රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා තිබෙනවා.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වැදගත් කරුණු රැසක් ප්‍රථම ධර්ම සංගායනාවේදී සිදුකිරීමද සුවිශේෂීත්වයක්.

පෙරවස් මගහැරුණු භික්‍ෂුන් වහන්සේ පසුවස් එළැඹීම සිදු කෙරෙන්නේත් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.

බුදු රජාණන් වහන්ස්ගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරමින් සේරුවිල මංගල චෛත්‍ය රාජයාණන් තැනීම ආරම්භ කර ඇත්තේද අද වැනි නිකිනි පුර පසළොස්වක පොහෝ දිනකදීයි.

නිකිණි පොහොය දරමිටි පොහොය ලෙසින්ද හඳුන්වනු ලබනවා.

මේ අතර ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහැරද නිකිණි පොහොය යෙදී ඇති අද දිනයේදී පැවැත්වෙනවා.

පෙරහැර අද පස්වරු 6.43ට යෙදී ඇති සුබ නැකතින් උතුරු දිශාභිමුඛව පිටත්ව ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය ඔස්සේ පැමිණ ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කර රජවීදිය ඔස්සේ ඉහළටවිත් අවසන් මහ රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01