ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්යමි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට 82 වන වියේ පසු වූ නන්ද මාලනී මහත්මිය නාවල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී අභාවප්‍රාප්තව ඇති බවයි වාර්තා වන්නේ.
ඇය වර්ෂ 1943 අගෝස්තු මස 23 වන දින අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.
ගුවන් විදුලියේ ජනප්‍රිය වැඩසටහනක් වූ ළමා මණ්ඩපය ඔස්සේ ඇය ගායනා කළ බුදු සාදු ගීතය අතිශය ජනප්‍රියත්වය පත්වීමත් සමගින් ඇයගේ සංගීත දිවියට නව මාවත් විවර වූවා.



