HomeNewsමාතර නවක ග්‍රාම නිලධාරීන්ට පුහුණුවක්

මාතර නවක ග්‍රාම නිලධාරීන්ට පුහුණුවක්

ග්‍රාම නිළධාරි 111 ශ්‍රේණියට බදවා ගැනීම සදහා පැවැති ලිඛිත තරඟ විභාගයෙන් හා සම්මුඛ පරික්ෂණයේ ප්‍රථිඑල මත මාතර දිස්ත්‍රීක්කයේ පුරප්පාඩු සදහා බදවා ගත් නවක ග්‍රාම නිළධාරින් සදහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ඇතුළු සේවාරම්භක පුහුණුව ලබාදීම මාතර දිස්ත්‍රීක් ලේකම් චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී ඉකුත් (12) වන දින ආරම්භ කෙරිණි.

ග්‍රාම නිළධාරි 111 ශ්‍රේණිය සදහා පැවැති තරඟ විභාගයෙන් හා සම්මුඛ පරික්ෂණය මත සුදුසුකම් ලැබූ නවක ග්‍රාම නිළධාරින් 1540 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණු අතර එහිදී මාතර දිස්ත්‍රීක්කයේ පවතින පුරප්පාඩු සදහා ග්‍රාම නිළධාරින් 66 දෙනෙකු බදවා ගෙන තිබුණි.

නවක ග්‍රාම නිළධාරින් සදහා පුහුණුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ග්‍රාම නිළධාරි කොට්ඨාශ මට්ටමෙන් ක්‍රියාත්මක කෙරෙන අතර පුහුණුවේදී ග්‍රාම නිළධාරි තනතුරේ ඉතිහාසය,විකාශනය,පැවැරෙන රාජකාරි සහ වගකීම් පිළිබදවත්,තනතුරේ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබදවත් නිළධාරින්ට දැනුම,පුහුණුව හා අවබෝධය ලබාදීමට නියමිතය.

නවක ග්‍රාම නිළධාරින් පුහුණු කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අතිරේක දිස්ත්‍රීක් ලේකම්වරුන් වන කුසලක නානායක්කාර (පාලන),කාංචනා තල්පාවිල (ඉඩම්),දිස්ත්‍රීක් සැලසුම් අධ්‍යක්ෂ එස්.ඒ.එන්.සඳමාලි,සහකාර දිස්ත්‍රීක් ලේකම් අරවින්ද සමරවික්‍රම,ගණකාධිකාරි එස්.එල්.ඒ.සම්පත්,හක්මණ ප්‍රාදේශිය ලේකම් තීක්ෂණ දිසානායක,පරිපාලන නිළධාරි අරුණි සෙනරත් යාපා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01