යුරෝපය පුරා සිදුකළ මෙහෙයුමකදී ප්රධාන පෙළේ හැකර් කණ්ඩායමක් වන KillSec හි නායකයා ලෙස සැලකෙන 16 හැවිරිදි රුමේනියානු ජාතික තරුණයෙකු ස්පාඤ්ඤයේ ඇලිකාන්ටේ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම කණ්ඩායමේ “පරිපාලකයා” ලෙස කටයුතු කර ඇති බවයි Europol සංවිධානය පවසන්නේ.
මෙම මෙහෙයුමේදී බ්රිතාන්යයෙන් සහ රුමේනියාවෙන් ද තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බ්රිතාන්යයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පිටුවහල් කරන ලෙස පුවර්ටෝ රිකෝ රාජ්යය ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.
මීට අමතරව සංවිධානයේ සංවර්ධකයෙකු ලෙස කටයුතු කළ 18 හැවිරිදි තවත් තරුණයෙකු හඳුනාගෙන ඇති අතර, සිදුවීම් සිදුවන අවස්ථාවේ ඔහු බාලවයස්කරුවෙකු වූ බැවින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Cloud Storage පද්ධති ඇතුළු පරිගණක මෘදුකාංගවල දුර්වලතා ඉලක්ක කරගනිමින් සංවේදී තොරතුරු ලබාගෙන, ඒවා ප්රසිද්ධ කරන බවට තර්ජනය කරමින් මොවුන් විශාල ලෙස කප්පම් මුදල් ලබාගෙන තිබෙනවා.
විමර්ශනවලට අදාළව ස්පාඤ්ඤය, ග්රීසිය, රුමේනියාව සහ බ්රිතාන්යයේ නිවාස 8ක් පරීක්ෂා කර සාක්ෂි සහ වත්කම් රැසක් පොලිස් භාරයට ගත් බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



