HomeSportsශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 4ක තියුණු ජයක්

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 4ක තියුණු ජයක්

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

මෙම තරගාවලිය සඳහා පාකිස්තාන, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ 19 පහළ කාන්තා කණ්ඩායම් සහභාගි විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි වූවා.

එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් ලබාගැනීමට සමත් වූවා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි ලකුණු 64ක්ද විමොක්ෂා බාලසූරිය ලකුණු 23ක්ද ලබාගැනීමට සමත් වූවා.

විමොක්ෂා පන්දු 15ක්ද නෙත්මි උපේක්ෂා ලකුණු 22ක් ලබාගත් අතර නොදැවී පන්දුවට පහර දුන් උමයංගනා පීරිස් ලකුණු 28ක් ලබාගැනීමට සමත් වූවා.

ශෂිනි ගිම්හානි ලකුණු නොලබා දැවී ගිය අතර ලකුණු 15ක් ලබාගැනීමට දනෝද්‍යා සෙව්මිණි සමත් වූවා.

ප්‍රමුදි මෙත්සරා එක් ලකුණකට දුවද්දි දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 158ක් ලබාගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේ බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Farjana Easmin, Nishita Akter Nishi, Jannatul Ferdous සහ Afrin Mim  යන ක්‍රීඩිකාවන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

ලකුණු 159ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 154ක් පමණක් ලබාගැනීමට සමත් වූවා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Sadia Islam පන්දු 36කදී ලකුණු 59ක් ලබාගැනීමට සමත් වූවා.

Sadia Akter ලකුණු 35ක්ද Nishita Akter Nishi ලකුණු 32ක් ලබාගැනීමට සමත් වූවා.

Farjana Easmin ලකුණු 11ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාවට ළඟාවීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා කඩුලු දෙකක් සහ චමෝදි හේරත් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

දනෝද්‍යා සෙව්මිනි එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

සෙසු පන්දු යවන්නියන් වූ අසෙනි තලගුණේ, නෙත්මි උපේක්‍ෂා, ලිමන්සා තිලකරත්න සහ ප්‍රමුදි මෙත්සරා කිසිදු කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ නැහැ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01