සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම (13දා) නියෝග කළා.
එදිනට වෛද්ය වර්තා සලකා බලා ඇප නියම කරන බවද මහේස්ත්රාත්වරයා නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා
සිද්ධියට අදාල දෙවන සැකකාරිය විවෘත අධිකරණයේ නොසිටි අතර ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා තම සේවාදායකයා ජාතික රෝහලේ හෘද ඒකකයේ ප්රතිකාර ලබන බවට පවසා වෛද්ය වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
සිද්ධියට අදාලව ඇප මත මුදා හරිනු ලැබු පලමු සැකකරු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් අධිකරණයේ පෙනී සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් පවසා සිටියේ මෙම සැකකාරිය කලු සල්ලි සුදු කිරීමට ක්රියා කර ඇති බවයි.
අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් ” ස්වාමිනි, මෙම විමර්ශනය CID එකේ මුල්ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් කොමිසමේ එකගතාවය මත අවසන් අදියරේ තමා පසුවන්නේ. සිරිලිය සවිය නමැති ගිණුමක් පවත්වාගෙන යමින් මෙම දෙවන සැකකාරිය පලමු සැකකාරිය එවකට සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මිලියන 10 මුදලක් ලබා ගෙන රිච්ජ් වේ ළමා රෝහලට CT ස්කෑන් එකක් ලබා දෙන්න. දුෂණ විරෝධි පනතේ 70 වන වගන්තිය අනුව සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබෙනවා. “
” 2010 /12/8 වන දින සිරිලිය සවිය නමින් සංගමයක් පිහිටුවාගෙන තිබෙනවා. කලින් තිබුණේ කාල්ටන් කියන නමින්. රටේ පලමු ආර්යාව රාජ්ය මුද්රණ සහ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ලේඛන යොදාගෙන තමා. විවිධ ආයතනවලින් මෙලෙස ආධාර මුදල් ඉල්ලා තිබෙනවා. පලමු අවස්ථාවේ ළමා රෝහලට මිලියන 140ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඉල්ලා ඇති බවයි. පසුව එය මිලියන 50 දක්වා වාචිකව සංශෝධනය කර අඩු කර එයිනුත් මිලියන 10ක මුදලක් තමයි මෙම NSB බැංකුවෙන් ලබා ගෙන තිබෙන්නේ. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය ,ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය හා සෙලාන් බැංකුවෙනුත් ආධාර ඉල්ලා තිබෙනවා. ”
” 2011/5/11 දින තමයි මෙම සිද්ධියේ පලමුවන සැකකරු වන NSB බැංකුවේ හිටපු සභාපති විසින් මෙම මුදල ලබා දීම අධ්යක්ෂක මණ්ඩලය අනුමැතියෙන් තොරව කටයුතු කරලා තියෙන්නේ. 2010/12/ 30 මෙම මුදල දෙන්න අනුමත වෙනවා. පළමුව මුදල බැර කිරීමට තීරණය කර තිබෙන්නේ කාල්ටන් ගිණුමට. නමුත් ලංකාවේ පළමු ආර්යාව නිසා සිරිලිය ගිණුමට බැර කරන ලෙසයි පලමුවෙනි සැකකරු අනිත් අයට දන්නවා තිබුණේ. අධ්යක්ෂ අනුමැතියකින් තොරව තමයි මෙලෙස මුදල් ලබා දී තිබෙන්නේ.”
” 2014 දී MRI මැෂින් එකක් චීන රජයෙන් ලබා දෙනවා. අපට ආධාර වශයෙන්. ලක්ෂ 1400ක් වටින MRI එකක්. සිරිලිය එකට එක ලබා දෙනවා . රිච්වේ ළමා රෝහලට එය ලබා දෙනවා මෙම දෙවන සැකකාරිය තමන්ගේ පුතාගේ උපන් දිනයක් දවසක. මේ සම්බන්ධයෙන් එවකට හිටපු කොළඹ ළමා රෝහල වෛද්ය වරුන් දෙදෙනකුගෙන් ප්රකාශ ලබා ගෙන තිබෙනවා. NSB බැංකුවේ අධ්යක්ෂකවරුන්ගේ ප්රකාශය අනුව මුලින් තිබූ නම වෙනස් කරලා තිබෙන බවද අනාවරණය වෙනවා. කලින් තිබ්බේ ශිරන්ති නවෝදය කියලා පසුව සිරිලිය කරලා. ”
” ස්වාමීනි ස්වේච්ඡා සංවිධානයක් ලියාපදිංචි විය යුතු කිසිම නෛතික ක්රියා පිළිවෙලක් මෙහි නැහැ. විධිමත් ආකාරයට නෙවෙයි ලියාපදිංචි කරලා තිබෙන්නේ. සිරිලිය නමින් සමාගමක් සදලා මුදල් එකතු කරගෙන ඔවුන්ගේ බැංකු ගිණුම් වලට දාගෙන. කළු සල්ලි සුදු කරන ක්රමයක්. මේ . රටේ පළමු ආ්රයාව කිව්වම ඕන කෙනෙක් ආධාර මුදල් දෙනවනේ. සිද්ධියට අදාලව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා. ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධතාය දක්වනවා” යනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියා.
සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා පවසා සිටියේ කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට මගේ සේවාදායිකාව භාජනය කර ඇති බැවින් තම සේවා දායිකාවට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ප්රධානය කරන ලෙසයි.
එම අවස්ථාවේදි ඇප ලබා දෙනවාට විරෝධතාවය ප්රකාශ කළ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස සඳහන් කර සිටියේ රෝහල් ගත කර ඇති මුත් හෘද සැත්කමක් සිදුකරනවා යැයි පැවසීම සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් නොමැති බවයි.
සැකකාරියගේ පෙරහැසිරීම් දෙස බැලූ විට මෙයද පිළිගත නොහැකි බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකාරියට සැබැවින්ම විවෘත හෘද සැත්කමක් කරනවාද යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු දෙකට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය පස්වරු 2 දක්වා කල් තබනු ලැබුවා.
ඒ අනුව අද නඩුව පස්වරු 2.20 ට නැවත කැඳවනු ලැබුවා.
ඉන්පසුව දිලිප පිරිස් මහතා නැවත අධිකරණයට කරුණු දැක්වුවා.
” ස්වාමීනි , දිවුරුම් ප්රකාශයක් මාලිගාකන්ද උසාවියට දිලා මැය. දවස් 20ක් සිංගප්පූරු ගියා අසනිපයි කියලා. එහෙන් අනාවරණය වුණේ නැති සැත්කමක් දැන් කොහෙමද අනාවරණය වන්නේ. මහා ලොකු අවහිරයක් තිබ්බානම් සිංගප්පුරැවෙන් ඇයි අහු නොවුණේ මෙය සුවිශේෂි කරුණු මවන්න කියන කතා. බන්ධනාගාර වගන්ති අනුව අවශ්ය ප්රතිකාර ලබා දෙනා ඇප දිමට විරුද්ධයි”
ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ” ඇත්තටම රෝගී තත්වයක් තියෙනවාද? වර්තා ඉදිරිපත් කළා. හෘද රෝගි තත්වයට ඇප දිය නොහැකිද, ඇත්ත වශයෙන්ම රෝගී තත්වයක් තියෙනවා. ස්වාමීනි. රෝගී තත්වය බන්ධනාගාරයේ තිබ්බොත් ජිවිත අවදානමක් විය හැකි සුවිශේෂි තත්වයක් තියෙනවා. මැරෙන්නම ඕනි නැහැ ඇප ගන්න. අපි දවස් 3යි බන්ධනාගාර හිටියේ. රෝහල් ගත කළා.අපි දන්නවා කට්ටිය හිතනවා ඇති මැරිලා ගියානම් හොදයි කියලා. මගේ සේවාදායිකාව. හෘද සැත්කමක් කිරීමට නියමිතයි. සැත්කම සිදු කරන බව කියු ප්රකාශය මට වැරදීමකින් කියවුණේ. එය මම ඉල්ලා අස් කරගන්නවා එම නිසා ඇප ලබා දෙන්න” යනුවෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ” ස්වාමිනි,මා කිවිවේ නැහැ. නැවත බන්ධනාගාරයටයවන්න. රෝහලේ ඉදන් අවශ්ය ප්රතිකාර ගන්න. රජයෙන් බෙහෙත් කරන්නේ මොකක්ද තියෙන් අසාධාරණය.”
මහේස්ත්රාත්වරයා ඉදිරිපත් කරන ලද වර්තා අනුව පැහැදිලි වන්නේ සැත්කම On Going මට්ටමේ තිබෙන බවයි. බන්ධනාගාරයට උසාවියට ගෙන්න එපා කියලා තමා දක්වලා තියෙන්නේ.
වර්තා අනුව හෘද සැත්කමක් කිරීමක් හෝ කිරීමට තිබෙන බවට සදහන් නැහැ. නමුත් ඇයගේ රෝගී තත්ත්වයේ බරපලකම දක්වා තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ඉදිරි දින ඇප ලබා දිම සම්බන්ධයෙන් මා තිරණය කරනවා.



