HomeNewsහරක් කටාට දුන් තීන්දුවකට එරෙහිව අභියාචනයක්

හරක් කටාට දුන් තීන්දුවකට එරෙහිව අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට අධිකරණය ඉකුත්දා ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නීතිපතිවරයා අද(20) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබෙනවා.

හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් මෙම දැනුම්දීම අධිකරණය වෙත කර තිබෙනවා. facebook

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01