හබරණ ප්රදේශයේ ගංජා අයිස් කුෂ් වැනි මත්ද්රව්යවලට ඇබ්බැහි වු තරුණයන් 4 දෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට යොමු කරන්නැයි හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුසංක දිසානායක ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවටගත් මෙම තරුණයන් හබරණ නගරය ආසන්නයේ සහ හබරණ ත්රීසිංහ ගම පදිංච් තරුණයන් බවද හබරණ පොලිසිය පවසයි.
මෙම තරුණන් දඔුල්ල අධිකරණ වෛද්ය නිලධාරී සහ මානසික වෛද්යවරයා හමුවට ඉදිරිපත්කර ලබා ගත් වෛද්ය වාර්තාවක්ද සමග
හිගුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල පසු අධිකරණය විසින් එම තරුණයින් කන්දකාඩු පුනරුත්ථාපන කදවුරට යොමුකරන ලෙස නියෝග කළා.
පොලොන්නරුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එදිරිසිංහ යන අයගේ උපදෙස් පරිදි හබරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මදුසංක දිසානායක ප්රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයන් අත්අඩංගුවට ගෙන තිබුණි.



