2026 ජාත්‍යන්තර ත්‍රස්ත විරෝධී සම්මන්ත්‍රණය ඊයේ (04) චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වායත්තයේදී පවත්වා තිබෙනවා.
“ත්‍රස්තවාදයේ නව අභියෝගවලට මුහුණ දීම: ජාතික වගකීම ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගොඩනැගීම” යන්න මෙවර එහි තේමාවයි.
මෙම සමුළුව සඳහා චීන විදේශ අමාත්‍යාංශයේ නියෝජිතයින් මෙන්ම රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 24ක් නියෝජනය කරමින් 100කට අධික පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ඊට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව සහ අප්‍රිකානු සංගමයේ නියෝජිතයින් ද ඇතුළත්.
ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ගෝලීය ආරක්ෂක සහ සංවර්ධන මුලපිරීම්, ත්‍රස්තවාදයට එරෙහි විසඳුම් සෙවීමට වැදගත් මගපෙන්වීමක් සපයන බව චීන නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහි සිය සංකල්ප, යෝජනා සහ අත්දැකීම් ලොව සමග බෙදාගැනීමටත්, පොදු අභියෝගවලට මුහුණ දීමට සියලු පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කිරීමටත් චීනය සූදානමින් සිටින බවද සඳහන් කර තිබෙනවා.
සමුළුව අතරතුර, සහභාගි වූ පිරිස ෂින්ජියැංහි ත්‍රස්ත විරෝධී සටන පිළිබඳ පැවැති ප්‍රදර්ශනයක් නැරඹීමට ද එක්වුණා.
අන්තවාදය තුරන් කිරීමේදී ෂින්ජියැං කලාපය ලබා ඇති සාර්ථකත්වය ජාත්‍යන්තර ප්‍රජාවට හොඳ ආදර්ශයක් බවයි විදේශීය නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ.



