HomeSportsවිලයාය කනිෂ්ටයේ සෙනායා උස පැනීමෙන් ලෝකඩ පදක්කමක්

විලයාය කනිෂ්ටයේ සෙනායා උස පැනීමෙන් ලෝකඩ පදක්කමක්

2026 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 14න් පහළ බාලිකා උස පැනීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දෙණියාය අධ්‍යාපන කලාපයේ මාර/විලයාය කනිෂ්ට විද්‍යාලයේ පී.ජී. රනුකි සෙනායා ක්‍රීඩිකාව සමත් වූවාය.

පසුගියදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟයේදී, උස පැනීමේ තරඟ ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළාය.

රනුකි සෙනායා ක්‍රීඩිකාව 2026 අගෝස්තු මාසයේ පැවැති දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 14න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් දකුණු පළාත් වාර්තාවක් පිහිටුවමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් විය.

සුරත් කැලුම් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ පුහුණුවීම් සිදුකරන ඇයගේ මෙම ජයග්‍රහණය විලයාය කනිෂ්ට විද්‍යාලයට මෙන්ම දෙණියාය අධ්‍යාපන කලාපයටද ඉමහත් කීර්තියක් අත්කර දුන් බව විදුහල්පති රංග ගමගේ මහතා සඳහන් කළේය.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01