HomeForiegn Newsගුවන් යානයේ ඇඳ මකුණන් පැතිර යාම නිසා ක්වන්ටාස් ගුවන් ගමන් වාරයක් අවලංගු...

ගුවන් යානයේ ඇඳ මකුණන් පැතිර යාම නිසා ක්වන්ටාස් ගුවන් ගමන් වාරයක් අවලංගු කෙරේ

පර්ත් නුවර සිට රෝමය දක්වා පැය 17කට ආසන්න කාලයක් පියාසර කළ ක්වන්ටාස් ගුවන් සේවයට අයත් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක ඇඳ මකුණන් පැතිර යාම හේතුවෙන් ඉතාලියේ සිට ඕස්ට්‍රේලියාව බලා පියාසර කිරීමට තිබූ ගුවන් ගමන් වාරයක් අවලංගු කර තිබෙනවා.

ගුවන් ගමනේදී මගීන් කිහිපදෙනෙකු මකුණන් සපා කෑමට ලක්ව ඇති අතර, කැසීම සමනය කිරීමට ලබාදුන් ඖෂධ පවා අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ යානය විශේෂ පිරිසිදු කිරීමේ සහ නඩත්තු කටයුතු සඳහා සේවයෙන් ඉවත් කර ඇති අතර, බලපෑමට ලක්වූ මගීන්ට නවාතැන් පහසුකම් සපයා පැය 48ක් ඇතුළත විකල්ප ගුවන් ගමන් සඳහා යොමු කිරීමට ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01