චීනය සහ රුසියාව ඉරානයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන බව තමන් විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
Truth Social හි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ඉරානයට සහාය ලබාදීමෙන් මොස්කව් සහ බීජිං නගරවලට අහිමි වීමට බොහෝ දේ ඇති බවත්, යම් හෙයකින් එවැනි සහායක් ලැබුණද එය ඉතා සීමිත මට්ටමකින් සිදුවිය හැකි බවයි.
පසුගිය පෙබරවාරි අග අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ආරම්භ වූ යුදමය තත්ත්වය හමුවේ කලාපය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර, චීනය සහ රුසියාව මධ්‍යස්ථ ස්ථාවරයක පසුවන බව මීට පෙර පෙන්වා දී තිබුණද, ඉරානයට සහාය නොදෙන ලෙස චීන ජනාධිපතිවරයාට තමන් අනතුරු ඇඟවූ බවයි අමෙරිකානු තානාපතිවරයා ද සඳහන් කර ඇත්තේ.



