HomeForiegn Newsසරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක

සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක

පැතිර යන සරම්ප වසංගතය හේතුවෙන් බංග්ලාදේශයේ පවුල් 10 කින් 9 කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට ණය ගැනීමට සිදුව ඇති බව අලුත්ම තක්සේරු වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

බංග්ලාදේශ රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සමාජ සම්මේලනය එක්ව සිදුකළ මෙම අධ්‍යයනයට අනුව, රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබා දුන්නද පවුල් මත විශාල ආර්ථික බරක් පැටවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මැයි සහ ජූනි මාසවලදී රෝහල් 12 කින් ප්‍රතිකාර ලබාගත් සරම්ප රෝගයට ගොදුරු වූ පවුල් 2,746 ක් ඇසුරින් මෙම සමීක්ෂණය පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵල අනුව පවුල් 2,442 ක් (88.9%) ප්‍රතිකාර සඳහා ණය ගැනීමට පෙළඹී ඇති බව සඳහන්.

වඩාත්ම අසරණ වූ පවුල් 2,400 කට හදිසි මුදල් ආධාර ලබා දීමට සහ වසංගතයේ ආර්ථික බලපෑම තක්සේරු කිරීමටයි මෙම සමීක්ෂණය මෙහෙයවා ඇත්තේ.

සමීක්ෂණයට ලක්වූ පවුල් අතරින් 1,670 ක් (60.8%) සිය ඉතිරි කිරීම් සම්පූර්ණයෙන්ම වැය කර ඇති අතර, පවුල් 112 ක් (4.1%) සිය දේපළ පවා අලෙවි කර තිබෙනවා.
තවත් පවුල් 90ක් (3.3%) මෙම මූල්‍ය දුෂ්කරතාවලින් ගොඩ ඒම සඳහා ආධාර මත යැපී ඇති බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01