සබරගමුව පළාත් XII වන ප්රාථමික ක්රීඩා උළෙල ඇඹිලිපිටිය මහවැලි ක්රීඩාංගනයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
‘ක්රියාකාරීව ප්රීතිමත් වෙමු.’ තේමා පාඨය යටතේ සංවිධානය කල සබරගමුව ප්රාථමික ක්රීඩා උළෙල මෙම 13, 14 සහ 15 යන තෙදින පුරා ඇඹිලිපිටිය මහවැලි ක්රීඩාංගනයේ දී පැවැත්වේ.
මෙවර මෙම ක්රීඩා උළෙල පැවැත්වෙන්නේ 12 වන වරටයි.
ඊට සබරගමු පළාතේ අධ්යාපන කලාප හතම නියෝජනය කරමින් ක්රීඩික ක්රීඩිකාවන් එක්ව සිටියහ.
මෙම ක්රීඩා උළෙල සඳහා වයස අවුරුදු 14ට අඩු ක්රීඩික ක්රීඩිකාවන් 3500ක් එක්ව සිටියහ.
දිවීම, පැනීම, විසිකිරීම සහ කණ්ඩායම් ක්රීඩා මීට ඇතුලත්ය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය මෙසේ පැවසීය.
“පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් සබරගමුව පළාත් දිවයිනේම ප්රථම ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
එමෙන්ම සුසන්තිකා ජයසිංහ, සුමේධ රණසිංහ, රොෂාන් ධම්මික, රුමේෂි රත්නායක, ශෙමිණි චමත්කා, සෙතුමි දහම්සා, විනෝද් ආරියවංශ, ලහිරු අචින්ත, මලිත් යසිරු වැනි ක්රිඩික ක්රීඩිකාවන් රැසක් ජාතික හා ජාත්යන්තර ජයග්රහණ දිනාගත් සබරගමුව පළාතේ බිහිවූවන්.
ඔවුන් අතරට මෙම ක්රීඩා උළෙලට සහභාගී වන ක්රීඩික ක්රීඩිකාවන් එක් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා.
ක්රීඩාව තුලින් ආධ්යාත්මික මෙන්ම ශාරීරික පැවැතිමට බෙහෙවින් ඉවහල් වෙනවා.
එකිනෙකා සමග සහයෝගය, සුහදත්වය, අභියෝග ජයගැනීම ගොඩනැගෙනවා.” යැයි ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්රී උපුල් කිත්සිරි, පළාත් අධ්යාපන අමාත්යංශ ලේකම් ලක්මලී උදයකුමාරි, පළාත් ප්රාථමික අධ්යක්ෂ සුමුදු කෝරළේගෙදර යන මහත්ම මහත්මින් ද සුභාශිංසන එක් කළහ.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය නගරාධිපති ගාමිණී කීර්තිලාල්, සබරගමුව පළාත් අධ්යාපන අධ්යක්ෂ (වැ.බ.) හුස්නා සජන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.



