HomeEditorialසලේගේ පෙත්සමට මැදිහත් වෙන්න ඉල්ලූ අතරමැදි පෙත්සම් ගැන නියෝග කල් තබයි

සලේගේ පෙත්සමට මැදිහත් වෙන්න ඉල්ලූ අතරමැදි පෙත්සම් ගැන නියෝග කල් තබයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම කල් තබන බව විනිසුරු මඩුල්ල නිවේදනය කරයි.

අදාළ නියෝගය ඊයේ (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ එය ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම අතරමැදි පෙත්සම් ඊයේ අභියාචනාධිකරණ විනිසුරු සභාපති රොහාන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01