HomeForiegn Newsඅත්පත් කරගත් අමෙරිකානු දියයට ඩ්‍රෝන යානයේ තාක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීමට ඉරානය සූදානම්

අත්පත් කරගත් අමෙරිකානු දියයට ඩ්‍රෝන යානයේ තාක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීමට ඉරානය සූදානම්

අත්පත් කරගත් අමෙරිකානු දිය යට ඩ්‍රෝන යානයේ තාක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීමට ඉරානය සූදානම් වෙයි.

අත්පත් කරගත් අමෙරිකානු හමුදා ස්වයංක්‍රීය දිය යට ඩ්‍රෝන යානයක් අධ්‍යයනය කිරීමට ඉරානයට අවස්ථාව ලැබී තිබෙනවා.

එහි තාක්ෂණය ප්‍රතිනිර්මාණය කිරීමට ඉරානය කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

‘Dive-LD’ ලෙස හැඳින්වෙන මෙම යානය දිගු දුර නිරීක්ෂණ මෙහෙයුම් සඳහා නිර්මාණය කර තිබෙනවා.

එය මිනිස් මැදිහත්වීමකින් තොරව දින කිහිපයක් පුරා මුහුදු යට මෙහෙයුම් සිදුකිරීමේ හැකියාවෙන් යුක්තයි.

මෙම සිදුවීමේ වැදගත්කම අමෙරිකානු හමුදාව සහ Anduril සමාගම අවම කර පෙන්වීමට උත්සාහ කරනවා.

කෙසේ වෙතත් එහි තාක්ෂණය අධ්‍යයනය කිරීමෙන් ඉරානයට ප්‍රයෝජන ලැබිය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

මීට පෙර 2011 වසරේදීද ඉරානය විසින් අමෙරිකාවේ RQ-170 Sentinel ඩ්‍රෝන යානය අත්පත් කරගත්තා.

පසුව එම සැලසුම පදනම් කරගනිමින් ඉරානය විසින් දේශීය ඩ්‍රෝන මාදිලි නිර්මාණය කළා.

මෙම ඩ්‍රෝන යානය නිසා ඉරානයට තීරණාත්මක හමුදාමය වාසියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

එහෙත් එය ඉරානයට ලැබුණු විශාල ප්‍රචාරණාත්මක ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.

එමෙන්ම එය අමෙරිකාවේ තාක්ෂණික ආධිපත්‍ය පිළිබඳ ප්‍රතිරූපයටද යම් පසුබෑමක් එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01