බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.
අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු මැද සහ වයඹ පලාත්වලත් මන්නාරම, ත්රීකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙෂ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහු දුප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
සුළඟ
සුළං බටහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 60ක් දක්වා වැඩි විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙබ් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක.
හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.5ක් 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්රදේශවල මුහුදු රළු ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
මෙම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවත් එම වෙරළ ආශ්රීත ප්රදේශවල වෙසෙන ජනතාවත් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.



