වෙඩි තබා මනුෂ්ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අගෝස්තු මස 15 වන දින ගල්කිස්ස, හුළුදාගොඩ පටුගම ප්රදේශයේදී වෙඩි තබා මනුෂය ගාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කරන ලද විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙනවා.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධයට අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පසුගිය 19 වන දින ගල්කිස්ස පොලිස් වසමේ ටෙම්ප්ල් පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටියේ.
මෙහි එක් සැකකරුවෙක් 2025.05.05 දින ගල්කිස්ස, සිල්වෙස්ටර් පාරේදි වෙඩිතබා මනුෂ්ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙක් බවටද කරුණු අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය පවසන්නේ.
මෙම අපරාධය සම්බන්ධයෙන් මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු ඔවුන් ඊයේ(20) දින ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පසුව එම සිව්දෙනා එළැඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



