HomeForiegn Newsඅමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන් ද?

අමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන් ද?

මැදපෙරදිග කලාපයේ ඉරානය සමග පවතින යුද ගැටුම් නිසා අමෙරිකානු අවිආයුධ සංචිතය මේ වනවිට ක්ෂය වෙමින් පවතිනවා.

ඒ අනුව අමෙරිකාව සතු නිවැරදි ඉලක්කගත දිගු දුර මිසයිල තොගයෙන් වැඩි ප්‍රමාණයක් දැනටමත් භාවිතා කර අවසන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා වටිනා මෙම අවි, අනාගතයේදී චීනය සමග ඇතිවිය හැකි ගැටුමකදී ඉතා වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයින් පවසනවා.

මේ නිසා අමෙරිකාවේ අනාගත යුද ශක්තිය පිළිබඳව ද ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.

අමෙරිකාව සතුව ඉතිරිව ඇති අවි ප්‍රමාණය කොපමණදැයි නිශ්චිතව අනාවරණය කර නැහැ.

නමුත් පෙබරවාරි සහ ජූලි මාස අතර කාලය තුළ ප්‍රේට්‍රියට් (Patriot) මිසයිලවලින් 65%ක් සහ තාඩ් (THAAD) බැලස්ටික් මිසයිල නාශකවලින් 38%ක් පමණ භාවිත කර අවසන් බව සඳහන් වෙනවා.

ඊට අමතරව නැව්වලින් දියත් කරන ටොමහෝක් (Tomahawk) කෲස් මිසයිල සැපයුමෙන් ද අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් භාවිතා කර තිබෙනවා.

Tomahawk Missile

එක්සත් ජනපද මධ්‍යම විධානය සතු මිසයිල අවසන් වුවත්, ලොව වෙනත් ප්‍රදේශවල ඇති අමෙරිකානු සැපයුම්වලින් ඒවා නැවත පුරවා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

මේ අතර, අමෙරිකාව සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය එය පිළිගැනීමට අකමැති වුවත් එම සාකච්ඡා ඉතා හොඳ මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01