සැකකටයුතු අන්දමින් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගිය බව කියන කාන්තාවක සම්බන්ධයෙන් වහාම ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස මැලිගාකන්ද වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රේමලාල් අතුකෝරල මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඊයේ (13) නියම කළේය.
දින දෙකකට පෙර කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී මියගිය බව කියන තම මවගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීම සඳහා තමන්ට බාරනොදී අදාළ පෞද්ගලික රෝහලේ තබාගෙන සිටින බව පවසමින් මියගිය කාන්තාවගේ දියණීය විසින් මරදාන පොලිසියට කළ පැමිණීල්ලට අනුව කළ විමර්ශනයකින් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී සැකකටයුතු අන්දමින් මියගිය බව කියන රාජගිරිය නාවල පදිංචිව සිටි ලීලානි සුනේත්‍රා මහත්මියගේ දේහය සම්බන්ධයෙන් වහාම ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය ඇගේ දියණීයට බාර දෙන ලෙසද වැඩිදුරටත් නියම කළේය.
මියගිය කාන්තාවගේ දියණීය මරදාන පොලිසියට කළ පැමිණීල්ල පිළිබඳ අධිකරණයට දැනුම් දුන් මරදාන පොලිසියේ කොස්තාපල් ප්‍රසන්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය මියගිය කාන්තාවගේ දේහය බෙරැල්ල පොදු සුසාන භූමියේ සළකුනක් තැබු ස්ථානයක භූමිදානය කිරීමටද නියම කළේය”



