ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද(05) දින අලුයම ස්වයංක්රීයව විවෘත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රීයව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසට ආපදා කළමනාකරණ ඒකකයේ ඉල්ලා සිටිනවා.
දැනට විවෘත කර ඇති එක් වාන් දොරටුවකින් තත්පරයට ඝන මීටර් 30 ජල කඳක් කොත්මලා ඔයට මුදා හරින බවද එම ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවෝන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. facebook




