HomeNewsකපිලගේ ජංගම දුරකථන විමර්ශන සෑහීමට පත්විය නොහැකියි

කපිලගේ ජංගම දුරකථන විමර්ශන සෑහීමට පත්විය නොහැකියි

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවට පොලිස්පතිවරයාට දන්වන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.

අධිකරණ අමාත්‍යංශය හරහා MNLA ඔස්සේ ඇපල් සමාගම වෙත මරණ කරුගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා ඇපල් සමාගම වෙත යවා ඇති මුත් දවස් 90ක කාලයක් පමණක් එම දත්ත රඳවා තබාගන්නා බවට එම සමාගම දන්වා තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැන්වුවා.

ඒ අනුව එම දින 90 ක කාලය ⁣නොවැම්බර් මස 29 අවසන් වන බව දැන්වු මහේස්ත්‍රාත්වරයා එතනින් එම ජංගම දුරකථනයේ දත්තත් නැති වෙනවද යන්න අධිකරණයෙන් විමසා සිටියා.

ඒ සම්බන්ධයෙන් නැවතත් ඇපල් සමාගමට ඉල්ලීමක් කර තිබූ නමුත් ප්‍රතිචාරයක් මේ වෙනකම් නොදන්නා ඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

මෙවැනි සිදුවීමක වටිනා දත්ත ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයාට මේ වෙන තෙක් දැනුම් නොදුන්නේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශය විමසා සිටියා.

මෙම ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් ඇපල් සමාගමට කරන ලද මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වහාම පොලිස්පතිවරයාට හා නීතිපතිවරයාට දන්වා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01