තිස්සමහාරාමය ප්රදේශයේ සිදුවූ සොරකම් රැසක් සම්බන්ධයෙන් අවශ්යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ලබන මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වැලිගත්ත, හම්බන්තොට ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු හා කාවන්තිස්ස පුර, තිස්සමහාරාමය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්යංශයේ සහ කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත තිස්සමහාරාමය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකල වැටලිමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අයිස් මත් ද්රව්ය ග්රෑම් 13යි මිලි ග්රෑම් 74ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරුවන්ගෙන් සිදුකල වැඩිදුර ප්රශ්ණ කිරිමේදී ඔවුන් කලක් තිස්සේ ප්රදේශයේ සිදුකරන ලද ගෙවල් බිදුම් ඇතුලු දේපළ සොරකම් රැසක් පිළිබද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
එහිදි සොරකම් කරන ලද ගෑස් ටැංකි, විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්ර, කැරොකේ බෆල්, වතුර මෝටර් සහ අවන් ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිසිය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාමය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



