HomeNewsධීවරයන්ට කාලගුණයෙන් රතු නිවේදනයක්

ධීවරයන්ට කාලගුණයෙන් රතු නිවේදනයක්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අගෝස්තු මස 9 වනදා පෙරවරු 7ට නිකුත් කර ඇති අතර එය අගෝස්තු මස 10 වනදා පෙරවරු 7 දක්වා වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.youtube

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60කට වඩා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මඩකලපුව සිට ත්‍රීකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වන අතර එම මුහුදු විටින් විට රළු විය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා. facebook

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර ප්‍රජාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදීත් තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර ඒ අවස්ථාවලදී එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවීමේ හැකියාවක්ද පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳ අවදානයෙන් පසුවන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01