මුහුදේ රළු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වීම එහි සිටි නාවිකයින් නිරුපද්‍රිතව බේරාගැනීම පිළිබඳ උදාර මානුෂීය ක්‍රියාවලියට උපහාර පිදීමක් නාවික හමුදාපතිවරයා විසින් සිදු කර තිබෙනවා.
නාවික සෙබළුන් මුදාගැනීමට එම පුරවැසියන් ඉටුකළ උතුම් යුතුකම හා මානුෂිය මැදිහත්වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම ලොවට උදාර ආදර්ශයක් බවද නාවික හමුදාපතිවරයා අවධාරණය කළා.
නාවික හමුදාවට අයත් වීමපි 4447 පුහාරක මුර යාත්‍රා ආපදාවට ලක්වුණේ ඉකුත් සෙනසුරාදා රාත්‍රී මෙහෙයුමක් නිම කරමින් යළි පැමිණීමෙන් සිටියදී අගුලාන මුහුදු තීරයේදීයි.
එම සෙබළුන් 11 දෙනා නිරුපද්‍රිතව බේරාගත් අඟුලානේ සිවිල් වැසියන් 14 දෙනෙකුට උපහාර පිදීමක්ද සිදුකළා.



