HomeNewsනීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ එම කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපළ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(13) රාත්‍රී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී හදිසි වැටලීමක් සිදු කර ඇති බවයි.

එහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද විදේශීය දුම්වැටි 44,000ක්(කාටුන් 220) සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 35ක් පමණ වන ඉන්දියානු ජාතිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01