පිලිපීනයේ පලාවන් පළාතේ කොරොන් ආසන්න මුහුදේදී මගී සංචාරක නෞකාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 134 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරින් පුද්ගලයින් 42 දෙනෙකු බේරාගෙන ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, අතුරුදන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



