HomeNewsබන්ධනාගාර ගතවන භික්ෂුන් ගැන නීති හදන්න කමිටුවක්

බන්ධනාගාර ගතවන භික්ෂුන් ගැන නීති හදන්න කමිටුවක්

මහා සංඝරත්නය හමුවේදී ජනපති කියයි

භික්ෂුන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහා කළේ අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංසරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

බන්ධනාගාර ගතවන භික්ෂුන් ගැන නීති හදන්න කමිටුවක් බන්ධනාගාර ගතවන භික්ෂුන් ගැන නීති හදන්න කමිටුවක්

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01