HomeNewsමීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය අයගේ මරණ පරීක්ෂණ නියෝග 23දා

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය අයගේ මරණ පරීක්ෂණ නියෝග 23දා

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ 32 දෙනා සම්බන්ධයෙන් මරණ පරික්ෂණ නියෝගය ලබන 23 වැනිදා නිකුත් කරන බව මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද (15) නිවේදනය කළේය.

සිද්ධිය වූ අවස්ථාවේ දී මිය ගිය සියලුම පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ අවසන් බවත් එම සියලුම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අද දින ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නිවාඩු ලබා ඇති බැවින් මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් නියෝගය ලබන 23 නිකුත් කරන බවයි.

මේ වන විට එම සිද්ධිය සඳහා සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන්ද 25ක් කාන්තාවන් බවද එම නිලධාරීන් සඳහන් කල අතර සැකකරුවන් 106 ක් හඳුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කලහ.

එමෙන්ම මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රස පරික්ෂණ වාර්තාවක් ලැබී නොමැති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා. ගිනි අවි සම්බන්ධයෙන් ,ලේ සාම්පල හා DNA වාර්තා කිසිවක් ලැබී නොමැති බවද දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් 106 දෙනාම ඔක්තෝබර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත්ය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙි සංගමයේ සභාපති ⁣නීතිඥ සේනක⁣ පෙරේරා මහතා නඩුව කැඳවු අවස්ථාවේ දී මියගිය රැඳවියන් වෙනුවෙන් කරුණු දක්වන ලදී.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ( 01 ) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ,උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක , කාන්තා උප පොලිස් පරික්ෂක දිලිනි, පොලිස් කොස්තාපල්වරුන් වන දුලංග, අනිල්, අසේල , රශ්මික, සේරම් සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩි දුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් ක⁣ලහ.

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 10 දෙනෙකු සහ රැඳවියන් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර ඇත.

නඩුව යලි ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට නියමිතයි.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01