HomeNewsරිවෝල්වරයක් හා උණ්ඩ සමග මැදමුලනේ පුද්ගලයෙක් අත්අඩංගුවට

රිවෝල්වරයක් හා උණ්ඩ සමග මැදමුලනේ පුද්ගලයෙක් අත්අඩංගුවට

වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් 06ක් සමඟ සැකකරුවෙකු 11 සවස වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල් පන්දෙනියෙ ගෙදර, කිංචිගූනේ, මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සම්බන්ධයෙන් පොලිස් බුද්ධි නිළධාරිනට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.සැකකරු මෙම ගිණි අවිය කිසියම් අපරාධයක් සදහා යොදාගෙන තිබේද,එසේත් නැත්නම් කිසියම් අපරාධයක් සදහා රැගෙනවිත් සගවා තබාගෙන සිටියේද යන්න පිළිබදව විමර්ෂණ ආරම්භ කර තිබේ.සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

තංගල්ල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිපුන දෙහිදෙනිය මහතාගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් කුමාර මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01