අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා.
එලෙස මෙම මාසයේදීද ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළේ ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ගෑස් මමිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ද පාරිභෝගික ජනතාවට සහන ලබාදීමේ අරමුණින් බවද එම සමාගම පවසනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4465ක් ලෙසත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1792ක් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835ක් ලෙසත් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි ලිට්රෝ ලංකා සමගම වැඩිදුරටත් පවසන්නේ.



