HomeNewsවියානා ඇලේ නාන්න ගිය දරුවා අතුරුදන්

වියානා ඇලේ නාන්න ගිය දරුවා අතුරුදන්

ශාන්තිකර්මය කළ කපුවා වගා ළිඳට බිළි

මහියංගණය ප්‍රදේශයෙන් දියේ ගිලී ළමයෙකු අතුරුදන්වීමක් සහ ගිරිඋල්ල ප්‍රදේශයෙන් දියේ ගිලී පුද්ගලයෙකු මියයාමක් ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මහියංගණය, වියානා ඇලේ දිය නෑමට ගොස් සිටි ළමයෙකු ඊයේ(20) උදෑසන දියේ ගිලී අතුරුදන්ව ඇති බවට මහියංගණය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අතුරුදන්ව ඇති ළමයා වයස අවුරුදු 7ක් පමණ වූ මාපාකඩවැව, මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම අතුරුදන්වූ ළමයා නිවසේ කිසිවෙකුට නොදන්වා වෙනත් අයෙකු සමග වියානා ඇලේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මහියංගණය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර ගිරිඋල්ල, සිරිසෙතගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටිමෙන් පුද්ගලයෙක මියගොස් ඇති බවට ගිරිඋල්ල පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වූ කටුනායක ප්‍රදේශයේ පංදිචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මරණකරු සිරිසෙතගම ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදු කළ කපුවෙකු වන අතර අළුයම් කාලයේ එම නිවස පිටුපසට දිව යාමේදී මෙලෙස වගා ළිඳ වැටී දියේ ගිලී මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01