ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව ඒ මහතා අද(10) උදෑසන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණා.
එලෙස අත්අඩංගුවට ගැනුණු සාගර කාරියවසම් මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඒ මහතා මුදාහරින ලෙසයි.



