මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාදික් මහතා පවසනවා.
ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවත් පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස විධායක ඉංජිනේරුවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින් වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණීම නිසා ආගරපතන ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන්, ර්ම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් ගල කඩා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද(06) දින සිට යථා තත්ත්වයට පත් වී තිබෙනවා.




