2010-2012 කාලසීමාවේදී ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූ මහීල් සෙනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ධීවර සංස්ථාවට පාඩු කරමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ.
දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකිරීම යන්න ඔහුට එල්ල වී ඇති චෝදනාව වනවා.
මහීල් සෙනාරත්න මහතා, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙක් වනවා.



