තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් තේමා කර ගනිමින් ලෝක ජනාවාස දිනයට සමගාමීව පානදුර බටහිර මාලමුල්ල, 684a, ගල්ගොඩකැලේ ප්රදේශයේ ඉදි වූ නව නිවස විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේගේ ප්රධානත්වයෙන්
ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල්වලට ජාතක නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් ලක්ෂ දහයක දායකත්වය ඇතිව ඉදිකරන ලද නව නිවසක් අද උදෑසන පානදුර මාලමුල්ල ගල්ගොඩකැලේ ප්රදේශයේදී විවෘත විය.
පාර්ලිමේන්තු මන්ත්රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ප්රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම නිවස එම ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ලබාදීම සිදුකරන ලදී.මෙම අවස්ථාවට පානදුර ප්රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි පෙරේරා , උපසභාපති නිශ්ශංක ඩයස් පානදුර නගර සභාවේ නගරාධිපති හේම කුමාර ප්රේරා මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරි නිලධාරින් පිරිසක් සහභාගි වූහ



